පුංචි ළමයි මල් වගේ යැයි කියමනක් පවතී.ළමයින් කුඩා කාලයේදී බොහෝ දෑ ඉගෙන ගනී.ඔවුන් පරිසරයෙන් උකහාගන්නා දෑ ඇසුරු කර ගනිමින් කෙමෙන් කෙමෙන් වැඩෙයි.කුඩා කල ලැබෙන අත්දැකීම් පදනම් කර ගනිමින් කුඩා දරුවා තම මනස සකස් කර ගනී.
ළමා මනස රූපවාහිනියට ඉතා රුචියක් දක්වයි.මන්ද එය ශ්‍රව්‍ය වූත් දෘශ්‍ය වූත් ආකර්ෂණීය වූත් මාධ්‍යක් වන බැවිනි.රූපවාහිනිය තුළින් ද දරුවා නොයෙකුත් දෑ ඉගෙන ගනී.රූපවාහිනිය යම් නිශ්චිත වූත් ඉලක්ක ගත වූත් ග්රාහක පිරිසකට ආමන්ත්‍රණය නොකරයි .රූපවාහිනියෙන් ග්රාහක ක්ෂෙත්රය ලොකු කුඩා සැමට පොදු ලෙස සංදේශ ඉදිරිපත් කරයි .කුඩා දරුවාගේ මනසට කා වදින ප්රශස්ත ගණයේ වැඩසටහන් ඉදිරිපත් කිරීම තුළ ළමයාගේ මනස නිසි අයුරින් වර්ධනය වී එය දරුවා ගේ යහපතට බලපායි. නමුත් වර්තමාන රූපවාහිනිය මෙකී වගකීම ඉෂ්ට කරන්නේ ද යන්න ප්‍රශ්නාර්ථයකි.
වර්තමානයේ ජනමාධ්‍යයේ අරමුණ වාණිජ පරමාර්ථ මුදුන්පත් කර ගැනීමයි .මේ නිසා හරවත් වැඩසටහන් විකාශනයෙන් වියුක්ත වී හරසුන් වැඩසටහන් විකාශනය කිරීම සදහා පෙළඹී ඇත .නමුත් මාධ්‍යයේ වගකීම මෙයද ? කුඩා දරුවන් හට රූපවාහිනිය තුළ විකාශනය වන කාටූන් වැඩසටහන් වල පවා අන්තර්ගතය ඉතා කේදනීය ය.අනෙකාට පහර දීම්, අනෙකා පරාජිත කිරීම , ඝාතනය කිරීම් ආදී ප්රකෝපකාරී දෑ මේ කාටුන් වැඩසටහන් තුළ අන්තර්ගතය . මේ නිසා ළමා මනස තුල තැන්පත් වනුයේ එම ප්රකෝපකාරී දෑය. ළමා මනස තුළ යහපත් මානව ගුණාංග වැඩීම මේ තුළින් සිදු වන්නේ නොවේ. ඒ අනුව රූපවාහිනිය වැනි ප්‍රබල මාධ්‍යකින් සමාජයට කල හැකි බලපෑම් අමිල ය.
වර්තමාන රූපවාහිනි වැඩසටහන් ගතහොත් ඉන්දියාවේ කසිකබල් ටෙලි වෘතාන්ත , චිත්‍රපට ,කිසිදු කලාත්මබාවයක් නොමැති ටෙලි නාට්‍ය , කාම අපරාධ ,ළමා අපචාර වලින් පිරීගිය ප්රවෘත්ති වැනි දේ දැකගත හැකිය.මේවා කිසිවක් ළමා මනසට රුචි දෑ නොවේ.
මීට දශක දෙකකට පෙර මේ මාධ්‍ය තුළින් යම් තාක් තරමක සමාජ මෙහෙවරක් තිබුණි .පාසල් දැනුම මිනුම තරග ,සමාජයට යහපත් බලපෑම් කල හැකි ටෙලි වෘතාන්ත ,කාලීන වාර්තා වැඩසටහන් ,සුභාවිත ගීතයන්ගෙන් පිරීගිය මන බදින සොදුරු නිමේෂයන් එදා නිවසේ ආලින්දයට රූපවාහිනි මාධ්‍ය රැගෙන ආවේය. රටක අනාගතය වන්නේ දරු සම්පතයි .ඔවුන් ගේ ළමා මනස කුඩා කලදීම මෙසේ විකෘති කිරීම ජාතියට ජාතියට කරන අපරාධයකි. ගුණ නුවණින් හෙබි දරුවන් බිහි කිරීමට උර දීමට රූපවාහිනියට යම් කිසි වගකීමක් මෙන්ම යුතුකමක් පවතී.
හුදෙක් යහපත් මාධ්‍යක් සතු අරමුණු පසෙක ලා වාණිජ පරමාර්ථයන් මුදුන්පත් කර මුදල් සෙවීමේ තරගයක යෙදී සිටින රූපවාහිනිය පටු අරමුණු ඉවත ලා ඔවුන් සතු සමාජ වගකීම හරියටම ඉටු කිරීමට කාලය එළඹ ඇත .හරවත් වූ මාධ්‍ය වැඩසටහන් ආලින්දයට රැගෙන සියලු දෙනාට එක සේ නැරඹීමට හැකි මාධ්‍යක් බවට රූපවාහිනී මාධ්‍ය පත් කල යුතුය .විශේෂයෙන් මාධ්‍ය සංදේශ නැත්නම් මාධ්‍ය වැඩසටහන් කුඩා දරුවා ගේ මනසට සරිලන පරිදි ඉදිරිපත් කල යුතුය .
රූපවාහිනිය නරඹන පුද්ගලයන් හීන පරිකල්පනයකින් යුක්ත බවත් ,ආවේගකර බවත් ,ආක්‍රමණශීලී බවත් ,සිත සමාධි ගත කර ගැනීම අතින් දුර්වල බවත් ප්රකාශිතව ඇත .එයට හේතුව රූපවාහිනිය තුල විකාශනය වන වැඩසටහන් වල අන්තර්ගතය ද විය හැකිය .මෙසේ හොදම දේ තෝරා බේරා ගැනීමට තරම් බුද්ධිමත් මනසකින් හෙබි වැඩිහිටියාට ද රූපවාහිනිය මෙතරම් බලපෑමක් එල්ල කරනවානම් ක්ෂණිකවම පෙළඹවීමට ලක්වන කුඩා දරුවාගේ මනසට එය කෙතරම් බලපානවා ඇතිද ?මන්ද යත් හොද නරක පිලිබද අවබෝධයක් ළමා මනසට නැති බැවිනි .
මේ පිලිබද ව වර්තමානයේ වැඩි වශයෙන් අවධානය යොමු වී නොමැති වුවත් යථා කාලයේදී ඒ පිලිබද ව ඉතා පුලුල් ලෙස සොයා බලා කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතුය .
This is true
ReplyDeleteරුපවාහිනිය ළමා මනසට අහිතකරයි
ReplyDelete👍
ReplyDelete