ජනශ්‍රැතිය තරම් මානවයාගේ හර්ද ස්පන්දනට සමීප වූ වෙනත් මාධ්‍යක් නොමැති තරම්ය .මිනිසාගේ සන්නිවේදන ශක්‍යතාවය ආරම්භ වූ දා ජනශ්‍රැතිය එතරම්ම අවියෝජනීය වූවකි.මෙහිදී ජන යනු සමූහය යන්න බව සදහන් කල හැකිය ."ජන " යන්න නිර්මාණය වී ඇති කුඩාම ඒකකය වන්නේ පුද්ගලයාය.එම පුද්ගලයා තුළ නිදහස් චිත්ත ශක්තියක් මගින් ගොඩනැගුණු නිර්මාණශීලිත්වයක් පවතියි .ඔවුන් එකිනෙකට සමාන වන්නේ නිශ්චිත භූගෝලීය සීමාවක ජීවත් වීම ,එක් සංස්කෘතියක් තුළ රාමුගත වීම ,ආගමික හා විශ්වාසයන් බොහෝ දුරට සමාන වීම ,සමාන භාෂාවක් භාවිතා කිරීම යන සාධකයන් මත පමණි ."ශ්‍රැතිය" යනු රිද්මයයි .මේ අනුව එය "ජන රිද්මය" ලෙසින් අර්ථ ගැන්විය හැකිය .මෙම ජන රිද්මය එය අයත්වන ජන සමූහය ශිෂ්ටාචාර ගත වීමේ ශක්‍යතාවය ඉතා සියුම් හා වඩා තීව්‍ර ලෙස නිරූපණය කරන්නකි.
ඒ අනුව මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා ජනශ්‍රැතිය අර්ථ ගැන්වූයේ , ජනශ්‍රැතිය යනු ප්‍රාථමික හෝ සංකීර්ණ බවට පත් නූතන හෝ ජන සමූහයක් අතර කාලයක් තිස්සේ මුඛ පරම්පරාගත සම්ප්‍රදායෙන් ව්‍යාප්ත වූ
ඣාන සම්භාරයය්.එය ගද්‍යයෙන් හෝ පද්‍යයෙන් දෙකෙන්ම නිර්මාණය වී පරම්පරවෙන් පරම්පරවට පැවත යනු දැක ගන්නට පුලුවන් ලෙසිනි.
මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ පටන් සන්නිවේදනය ආරම්භ වූ අතර ජනශ්‍රැතියට ඒ සා ඉතිහාසයක් හිමි වේ.ප්‍රාථමික මානවයා ඉතා සරල දිවි පෙවෙතක් ගත කල ඇත්තෝ වෙති .ඔවුන් ජීවත් වූ සමාජය ,වටපිටාව පිලිබද බරපතළ චින්තනයක් නොවීය .දඩයම මූලික විය.ඉර හද තාරකා ජලය ආදී ස්වභාවික ධර්මය මූලික විය.විශාල ගස් දුටු විට වැදීමට සිතීය. ඉර හද තාරකා අත්භූත වස්තු ලෙස දුටු අතර ජලයට ගින්නට විශාල බලයක් ඇති බව සිතීය .කදු ගල් ආදිය බලවත් වස්තු ලෙස දැක ඒ හරහා එම ස්වභාවික දේ වන්දනාමාන කිරීමට යොමු වීය.දඩයමේ ගිය පිරිසට ආශිර්වාද කිරීමට ගීත ගායනා කරනු ලැබීය .ගැහැණු පිරිස තම දරුවන් නැලවීමට ගීත ගායනා කරනු ලැබීය .එසේම දඩයමෙන් ගෙන ආ මස්,මැස්සක් උඩ තබා පිලිස්සූ අතර පිරිම පිරිස ඒ වටා නැටූහ.ඒ අනුව සුන්දර සන්නිවේදන රටාවක් ජනශ්‍රැතිය වටා ඒකරාශී විය.ජනශ්‍රැතිය තුලින් ගැමි ජනයාගේ අව්‍යාජත්වය ,අනුවේදනීයත්වය ද පිලිබිඹු විය.
වී ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කර ගත් සරල කෘෂිකාර්මික සමාජයක් එකල දක්නට ලැබුණි.වර්තමානයේ දී මෙම ලක්ෂණ දැක ගත හැකිය .ඒ අනුව ජනශ්‍රැති අංගෝපාංග යොදා ගනිමින් ගැමියාගේ දුක් කම්කටොලු ගැමි දිවි පෙවෙත සංකේතාර්තවත්ව පල කර ඇත.පොදු ජනයා අතර පරම්පරාවෙන් පරම්පරාවට කාලාන්තරයක් මුලුල්ලෙහි නිර්මාණය වී අලිඛිතව ජනශ්‍රැතිය පැවතී ගෙන එය්.ඒ අනුව ජනශ්‍රැති අංගෝපාංග ලෙස ජන කවි,ජන කතා,ජන ගී,තේරවිලි, ජන ක්‍රීඩා ,ඇදහිලි,ශාන්තිකර්ම,යාතුකර්ම ආදී මෙකී නොකී දෑය .මේවා ඕපපාතිකව පහළ වූවක් නොව මානව අවශ්‍යතා පදනම් කර ගෙන මානව චර්‍යාවන් හා ගැටෙමින් වැඩුණු බව සැලකිය යුතුය .
කෘෂිකර්මාන්තය පදනම් කර ගත් අපේ ලාංකීය සංස්කෘතිය පිලිබද මෙම ජනශ්‍රැති අංගෝපාංග තුළින් පිළිඹිබු වේ.එනම් ඔවුන් එම කර්මාන්තයේ නියැලී සිටි අතරතුර පාලුව,කාංසිය,වෙහෙස මහන්සිය නිවා ගැනීමට කමතේ දී ජන කවි ගායනා කලේය.කුඹුරේ දී ජන කවි ගායනා කලේය .ඒ අනුව ජන කවි තුළින් කෘෂිකර්මාන්තය ජීවනෝපාය කර ගත් ගැමි ජනයාගේ සරල ගැමි පෙවෙතත් ඔවුන්ගේ දරිද්‍රතාව හා දුක් කම්කටොලු පිලිබඳවත් හදුනා ගත හැකිය .
තවද ජකතා තුළින් ලාංකික සමාජයට උපදේශනයන් ලබා දේ.ශාන්තිකර්ම හරහා ලාංකීය සංස්කෘතිට ආවේනික වූ සංස්කෘතික ලක්ෂණ දැකගත හැකිය .ජන කෙලි තුළින් ද මතු වනුයේ අපේ සංස්කෘතියට අනන්‍යය වූ ලක්ෂණ වේ.ඒ අනුව ජනශ්‍රැතිය අධ්‍යනය කිරීම තුළින් අපගේ සංස්කෘතියට අනන්‍යය වූ ලක්ෂණ හදුනා ගත හැකිය .එනම් එය අපේ කමේ ප්‍රතිමූර්තියය්.
Subscribe to:
Post Comments (Atom)
ජනශ්‍රැතිය තුළින් මතු වන අපේකම
ජනශ්‍රැතිය තරම් මානවයාගේ හර්ද ස්පන්දනට සමීප වූ වෙනත් මාධ්‍යක් නොමැති තරම්ය .මිනිසාගේ සන්නිවේදන ශක...
-
පුංචි ළමයි මල් වගේ යැයි කියමනක් පවතී.ළමයින් කුඩා කාලයේදී බොහෝ දෑ ඉගෙන ගනී.ඔවුන් පරිසරයෙන් උකහාගන්නා දෑ ඇසුරු කර ගනිමින් කෙමෙන් කෙමෙන් වැඩෙය...
-
පත්තිනි දේවිය හා පාළග කුමාරයා මුල් වීමෙන් සොලී රටේ හින්දුන් අතර අං කෙලි ක්‍රීඩාවේ උපත සිදු වූ බවත් ගජබා රජු විසින් ලංකාවට ගෙනෙන ලද ද...
-
ජනශ්‍රැතිය තරම් මානවයාගේ හර්ද ස්පන්දනට සමීප වූ වෙනත් මාධ්‍යක් නොමැති තරම්ය .මිනිසාගේ සන්නිවේදන ශක...
No comments:
Post a Comment