ජනශ්‍රැතිය තරම් මානවයාගේ හර්ද ස්පන්දනට සමීප වූ වෙනත් මාධ්‍යක් නොමැති තරම්ය .මිනිසාගේ සන්නිවේදන ශක්‍යතාවය ආරම්භ වූ දා ජනශ්‍රැතිය එතරම්ම අවියෝජනීය වූවකි.මෙහිදී ජන යනු සමූහය යන්න බව සදහන් කල හැකිය ."ජන " යන්න නිර්මාණය වී ඇති කුඩාම ඒකකය වන්නේ පුද්ගලයාය.එම පුද්ගලයා තුළ නිදහස් චිත්ත ශක්තියක් මගින් ගොඩනැගුණු නිර්මාණශීලිත්වයක් පවතියි .ඔවුන් එකිනෙකට සමාන වන්නේ නිශ්චිත භූගෝලීය සීමාවක ජීවත් වීම ,එක් සංස්කෘතියක් තුළ රාමුගත වීම ,ආගමික හා විශ්වාසයන් බොහෝ දුරට සමාන වීම ,සමාන භාෂාවක් භාවිතා කිරීම යන සාධකයන් මත පමණි ."ශ්‍රැතිය" යනු රිද්මයයි .මේ අනුව එය "ජන රිද්මය" ලෙසින් අර්ථ ගැන්විය හැකිය .මෙම ජන රිද්මය එය අයත්වන ජන සමූහය ශිෂ්ටාචාර ගත වීමේ ශක්‍යතාවය ඉතා සියුම් හා වඩා තීව්‍ර ලෙස නිරූපණය කරන්නකි.
ඒ අනුව මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා ජනශ්‍රැතිය අර්ථ ගැන්වූයේ , ජනශ්‍රැතිය යනු ප්‍රාථමික හෝ සංකීර්ණ බවට පත් නූතන හෝ ජන සමූහයක් අතර කාලයක් තිස්සේ මුඛ පරම්පරාගත සම්ප්‍රදායෙන් ව්‍යාප්ත වූ
ඣාන සම්භාරයය්.එය ගද්‍යයෙන් හෝ පද්‍යයෙන් දෙකෙන්ම නිර්මාණය වී පරම්පරවෙන් පරම්පරවට පැවත යනු දැක ගන්නට පුලුවන් ලෙසිනි.
මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ පටන් සන්නිවේදනය ආරම්භ වූ අතර ජනශ්‍රැතියට ඒ සා ඉතිහාසයක් හිමි වේ.ප්‍රාථමික මානවයා ඉතා සරල දිවි පෙවෙතක් ගත කල ඇත්තෝ වෙති .ඔවුන් ජීවත් වූ සමාජය ,වටපිටාව පිලිබද බරපතළ චින්තනයක් නොවීය .දඩයම මූලික විය.ඉර හද තාරකා ජලය ආදී ස්වභාවික ධර්මය මූලික විය.විශාල ගස් දුටු විට වැදීමට සිතීය. ඉර හද තාරකා අත්භූත වස්තු ලෙස දුටු අතර ජලයට ගින්නට විශාල බලයක් ඇති බව සිතීය .කදු ගල් ආදිය බලවත් වස්තු ලෙස දැක ඒ හරහා එම ස්වභාවික දේ වන්දනාමාන කිරීමට යොමු වීය.දඩයමේ ගිය පිරිසට ආශිර්වාද කිරීමට ගීත ගායනා කරනු ලැබීය .ගැහැණු පිරිස තම දරුවන් නැලවීමට ගීත ගායනා කරනු ලැබීය .එසේම දඩයමෙන් ගෙන ආ මස්,මැස්සක් උඩ තබා පිලිස්සූ අතර පිරිම පිරිස ඒ වටා නැටූහ.ඒ අනුව සුන්දර සන්නිවේදන රටාවක් ජනශ්‍රැතිය වටා ඒකරාශී විය.ජනශ්‍රැතිය තුලින් ගැමි ජනයාගේ අව්‍යාජත්වය ,අනුවේදනීයත්වය ද පිලිබිඹු විය.
වී ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කර ගත් සරල කෘෂිකාර්මික සමාජයක් එකල දක්නට ලැබුණි.වර්තමානයේ දී මෙම ලක්ෂණ දැක ගත හැකිය .ඒ අනුව ජනශ්‍රැති අංගෝපාංග යොදා ගනිමින් ගැමියාගේ දුක් කම්කටොලු ගැමි දිවි පෙවෙත සංකේතාර්තවත්ව පල කර ඇත.පොදු ජනයා අතර පරම්පරාවෙන් පරම්පරාවට කාලාන්තරයක් මුලුල්ලෙහි නිර්මාණය වී අලිඛිතව ජනශ්‍රැතිය පැවතී ගෙන එය්.ඒ අනුව ජනශ්‍රැති අංගෝපාංග ලෙස ජන කවි,ජන කතා,ජන ගී,තේරවිලි, ජන ක්‍රීඩා ,ඇදහිලි,ශාන්තිකර්ම,යාතුකර්ම ආදී මෙකී නොකී දෑය .මේවා ඕපපාතිකව පහළ වූවක් නොව මානව අවශ්‍යතා පදනම් කර ගෙන මානව චර්‍යාවන් හා ගැටෙමින් වැඩුණු බව සැලකිය යුතුය .
කෘෂිකර්මාන්තය පදනම් කර ගත් අපේ ලාංකීය සංස්කෘතිය පිලිබද මෙම ජනශ්‍රැති අංගෝපාංග තුළින් පිළිඹිබු වේ.එනම් ඔවුන් එම කර්මාන්තයේ නියැලී සිටි අතරතුර පාලුව,කාංසිය,වෙහෙස මහන්සිය නිවා ගැනීමට කමතේ දී ජන කවි ගායනා කලේය.කුඹුරේ දී ජන කවි ගායනා කලේය .ඒ අනුව ජන කවි තුළින් කෘෂිකර්මාන්තය ජීවනෝපාය කර ගත් ගැමි ජනයාගේ සරල ගැමි පෙවෙතත් ඔවුන්ගේ දරිද්‍රතාව හා දුක් කම්කටොලු පිලිබඳවත් හදුනා ගත හැකිය .
තවද ජකතා තුළින් ලාංකික සමාජයට උපදේශනයන් ලබා දේ.ශාන්තිකර්ම හරහා ලාංකීය සංස්කෘතිට ආවේනික වූ සංස්කෘතික ලක්ෂණ දැකගත හැකිය .ජන කෙලි තුළින් ද මතු වනුයේ අපේ සංස්කෘතියට අනන්‍යය වූ ලක්ෂණ වේ.ඒ අනුව ජනශ්‍රැතිය අධ්‍යනය කිරීම තුළින් අපගේ සංස්කෘතියට අනන්‍යය වූ ලක්ෂණ හදුනා ගත හැකිය .එනම් එය අපේ කමේ ප්‍රතිමූර්තියය්.
Mylogy
Monday
Tuesday
රුපවාහිනිය හා ළමා මනස.
පුංචි ළමයි මල් වගේ යැයි කියමනක් පවතී.ළමයින් කුඩා කාලයේදී බොහෝ දෑ ඉගෙන ගනී.ඔවුන් පරිසරයෙන් උකහාගන්නා දෑ ඇසුරු කර ගනිමින් කෙමෙන් කෙමෙන් වැඩෙයි.කුඩා කල ලැබෙන අත්දැකීම් පදනම් කර ගනිමින් කුඩා දරුවා තම මනස සකස් කර ගනී.
ළමා මනස රූපවාහිනියට ඉතා රුචියක් දක්වයි.මන්ද එය ශ්‍රව්‍ය වූත් දෘශ්‍ය වූත් ආකර්ෂණීය වූත් මාධ්‍යක් වන බැවිනි.රූපවාහිනිය තුළින් ද දරුවා නොයෙකුත් දෑ ඉගෙන ගනී.රූපවාහිනිය යම් නිශ්චිත වූත් ඉලක්ක ගත වූත් ග්‍රාහක පිරිසකට ආමන්ත්‍රණය නොකරයි .රූපවාහිනියෙන් ග්‍රාහක ක්ෂෙත්‍රය ලොකු කුඩා සැමට පොදු ලෙස සංදේශ ඉදිරිපත් කරයි .කුඩා දරුවාගේ මනසට කා වදින ප්‍රශස්ත ගණයේ වැඩසටහන් ඉදිරිපත් කිරීම තුළ ළමයාගේ මනස නිසි අයුරින් වර්ධනය වී එය දරුවා ගේ යහපතට බලපායි. නමුත් වර්තමාන රූපවාහිනිය මෙකී වගකීම ඉෂ්ට කරන්නේ ද යන්න ප්‍රශ්නාර්ථයකි.
වර්තමානයේ ජනමාධ්‍යයේ අරමුණ වාණිජ පරමාර්ථ මුදුන්පත් කර ගැනීමයි .මේ නිසා හරවත් වැඩසටහන් විකාශනයෙන් වියුක්ත වී හරසුන් වැඩසටහන් විකාශනය කිරීම සදහා පෙළඹී ඇත .නමුත් මාධ්‍යයේ වගකීම මෙයද ? කුඩා දරුවන් හට රූපවාහිනිය තුළ විකාශනය වන කාටූන් වැඩසටහන් වල පවා අන්තර්ගතය ඉතා කේදනීය ය.අනෙකාට පහර දීම්, අනෙකා පරාජිත කිරීම , ඝාතනය කිරීම් ආදී ප්‍රකෝපකාරී දෑ මේ කාටුන් වැඩසටහන් තුළ අන්තර්ගතය . මේ නිසා ළමා මනස තුල තැන්පත් වනුයේ එම ප්‍රකෝපකාරී දෑය. ළමා මනස තුළ යහපත් මානව ගුණාංග වැඩීම මේ තුළින් සිදු වන්නේ නොවේ. ඒ අනුව රූපවාහිනිය වැනි ප්‍රබල මාධ්‍යකින් සමාජයට කල හැකි බලපෑම් අමිල ය.
වර්තමාන රූපවාහිනි වැඩසටහන් ගතහොත් ඉන්දියාවේ කසිකබල් ටෙලි වෘතාන්ත , චිත්‍රපට ,කිසිදු කලාත්මබාවයක් නොමැති ටෙලි නාට්‍ය , කාම අපරාධ ,ළමා අපචාර වලින් පිරීගිය ප්‍රවෘත්ති වැනි දේ දැකගත හැකිය.මේවා කිසිවක් ළමා මනසට රුචි දෑ නොවේ.
මීට දශක දෙකකට පෙර මේ මාධ්‍ය තුළින් යම් තාක් තරමක සමාජ මෙහෙවරක් තිබුණි .පාසල් දැනුම මිනුම තරග ,සමාජයට යහපත් බලපෑම් කල හැකි ටෙලි වෘතාන්ත ,කාලීන වාර්තා වැඩසටහන් ,සුභාවිත ගීතයන්ගෙන් පිරීගිය මන බදින සොදුරු නිමේෂයන් එදා නිවසේ ආලින්දයට රූපවාහිනි මාධ්‍ය රැගෙන ආවේය. රටක අනාගතය වන්නේ දරු සම්පතයි .ඔවුන් ගේ ළමා මනස කුඩා කලදීම මෙසේ විකෘති කිරීම ජාතියට ජාතියට කරන අපරාධයකි. ගුණ නුවණින් හෙබි දරුවන් බිහි කිරීමට උර දීමට රූපවාහිනියට යම් කිසි වගකීමක් මෙන්ම යුතුකමක් පවතී.
හුදෙක් යහපත් මාධ්‍යක් සතු අරමුණු පසෙක ලා වාණිජ පරමාර්ථයන් මුදුන්පත් කර මුදල් සෙවීමේ තරගයක යෙදී සිටින රූපවාහිනිය පටු අරමුණු ඉවත ලා ඔවුන් සතු සමාජ වගකීම හරියටම ඉටු කිරීමට කාලය එළඹ ඇත .හරවත් වූ මාධ්‍ය වැඩසටහන් ආලින්දයට රැගෙන සියලු දෙනාට එක සේ නැරඹීමට හැකි මාධ්‍යක් බවට රූපවාහිනී මාධ්‍ය පත් කල යුතුය .විශේෂයෙන් මාධ්‍ය සංදේශ නැත්නම් මාධ්‍ය වැඩසටහන් කුඩා දරුවා ගේ මනසට සරිලන පරිදි ඉදිරිපත් කල යුතුය .
රූපවාහිනිය නරඹන පුද්ගලයන් හීන පරිකල්පනයකින් යුක්ත බවත් ,ආවේගකර බවත් ,ආක්‍රමණශීලී බවත් ,සිත සමාධි ගත කර ගැනීම අතින් දුර්වල බවත් ප්‍රකාශිතව ඇත .එයට හේතුව රූපවාහිනිය තුල විකාශනය වන වැඩසටහන් වල අන්තර්ගතය ද විය හැකිය .මෙසේ හොදම දේ තෝරා බේරා ගැනීමට තරම් බුද්ධිමත් මනසකින් හෙබි වැඩිහිටියාට ද රූපවාහිනිය මෙතරම් බලපෑමක් එල්ල කරනවානම් ක්ෂණිකවම පෙළඹවීමට ලක්වන කුඩා දරුවාගේ මනසට එය කෙතරම් බලපානවා ඇතිද ?මන්ද යත් හොද නරක පිලිබද අවබෝධයක් ළමා මනසට නැති බැවිනි .
මේ පිලිබද ව වර්තමානයේ වැඩි වශයෙන් අවධානය යොමු වී නොමැති වුවත් යථා කාලයේදී ඒ පිලිබද ව ඉතා පුලුල් ලෙස සොයා බලා කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතුය .

Sunday
දරුවන් සුරකිමු පණ මෙන්
ළමා අය්තිවාසිකම් පිලිබඳ ප්‍රග්නප්තියේ සදහන් ආකාරයට වයස අවුරුදු 18 වන තෙක් සියලු මනුෂ්‍යයන් දරුවන් වේ.දරුවන් සුරැකීම දෙමව්පිය වගකීමක් හා යුතුකමක් වුවත් එය පුළුල් වු අර්ථයෙන් ගත් කල මුළු ජාතියේම වගකීමකි.මවු කුස තුලින් ලොව එළිය දකින කුඩා දරුවා පරිසරයේ යම් දෑ ඇසුරු කරගනිමින් ඉගෙනුම් ක්‍රියාවලියක නිරත වෙයි .ඒ හරහා ඔවුන් යම් යම් දෑ ඉගෙන ගනී. කුඩා දරුවා මේ තුළින් සමාජයට මෙන්ම පරිසරයට අනුගත වීමක් දක්නට ලැබේ. අතීතයේ දරුවන් සෙල්ලම් සදහා පරිසරය ආශ්‍රය කර ගනු ලැබීය.වැලි, ආශ්‍රිත සෙල්ලම් ,ජලය ආශ්‍රිත සෙල්ලම් ආදී දේ ඊට අයත් ය.නමුත් වර්තමාන සමාජයේ දෙමාපියන් කාර්‍ය්බහුල ජීවිතයක් ගත කිරීම හේතුවෙන් දරුවා ද පරිසරය තුළින් වියුක්ත වීමක් දක්නට ලැබේ. දෙමාපියන් තම දරුවන් තාක්ෂණික මෙවලම් හා තාක්ෂණික ක්‍රීඩා වලට හුරු කර අවසන් ය.ඔවුන්ට මේ නිසා පරිසරය මග හැරී ඇත.වර්තමාන දරුවා හුරු වී ඇත්තේ එක් ස්ථානයක සිට කියන කරන ක්‍රියාකාරකම් වලට පමණි.දරුවා පරිගණකය සමග මෙන්ම පරිගණක ක්‍රීඩා සමග ඒකාත්මික වී ඇත.නමුත් මේ තුලින් දරුවාට සිදු වනුයේ අසාධාරණයකි.අනාගතයේදී මනා පෞරුෂත්වයකින් හෙබි ඉගෙනීමෙහි දක්ෂ සමාජයේ බාහිර පාර්ශවයන් සමග හොදින් ගණුදෙනු කල හැකි පිරිසක් නිර්මාණය වීමට මෙය ඉඩ අහුරණු ලබයි .මන්ද යත් මේ සියල්ලෙන්ම හෙබි දරුවෙක් නිර්මාණය කල හැක්කේ දරුවා කුඩා අවදියේ දී ලබා ගන්නා අත්දැකීම් තුලිනි.
වර්තමානයේ බොහෝ දෙමාපියන් මිල මුදල් පසු පස හඹා යන බැවින් තම දරුවා බලා ගැනීමට මිත්තනියට හෝ මෙහෙකාරියට පවරය්. නමුත් ඔවුන්ගෙන් තම දරුවාට ආදරය ,රැකවරණය නොමදව ලැබෙනවාද යන්න පිළිබඳ ව සොයා බැලිය යුතු කරුණකි.දරුවාගේ මොළය වර්ධනයට අවශ්‍යය පෝෂණයත් ,ආදරයත් ලැබීම මෙහිලා වැදගත් වේ.
දෙමාපියන්ගේ නොසැලකිලිමත් ස්වභාවය නිසා ඇතැම් දරුවන්ගේ ජීවිත කුඩා කාලයේදී ම කඩා වැටීමට ලක් වේ.එසේත් ,නොමැතිනම් ඔවුන්ට තම ජීවිතය පවා අහිමි වේ.එනම් ඒ බිය වැද්දවීම්, ලිංගික හිංසනය, තරවටු කිරීම ,මෙහෙකාර සේවයේ යෙදවීම් වැනි දේ හරහාය .මෙයට උදාහරණ පසු ගිය කාලයේ ලංකාව තුල ද දැකගත හැකි විය.සේයා සදෙව්මි ඝාතනය වැනි ඝාතනයන් වාර්තා වීම ගත හැකිය.මෙයට ප්‍රදානතම සාධකය වී ඇත්තේ දෙමාපියන් දරුවන් පිළිබඳ ව දක්වන නොසැලකිලිමත්බාවය ය්.
මේ නිසා දරුවන්ට විය හැකි අනතුරුදායක තත්ත්වයන්ගෙන් ඔවුන් මුදවා ඔවුන් පිළිබඳව දැඩි අවධානයකින් කටයුතු කිරීම දෙමාපියන්ගේ වගකීම වේ.නිවස දරුවාගේ සොදුරුතම අත්දැකීම් ලබන ස්ථානයක් බවට පත් කිරීමට දෙමාපියන් ,වැඩිහිටියන් ක්‍රියා කල යුතුය.දරුවා යනු සමාජයේ කුඩා කොටසක් ලෙස නොසලකා දරුවා නිරතුරුව ම අගය කල යුතුය .එනම් දරුවන් රැක ගැනීම ජාතියේම ප්‍රධාන වගකීමක් සේ සලකා ඔවුන්ට අවශ්‍යය ආදරය ,රැකවරණය ලබා දීමට ජාතියක් වශයෙන් පෙල ගැසිය යුතුය .

Thursday
නොහදුනන පුද්ගලයන්
Request දමමින්
අදුරගන්නා යාලුකම්..
Like වැටෙන
Comment වැටෙන
අපූරු මිතුදම
Facebook..
ඇතැම් අය ආදරය සොයන
අපූරු නවාතැන
Facebook...
කොහෙන් නවතියි ද?
කොතනින් නවතියි ද?
මේ අපූරු Facebook....
Request දමමින්
අදුරගන්නා යාලුකම්..
Like වැටෙන
Comment වැටෙන
අපූරු මිතුදම
Facebook..
ඇතැම් අය ආදරය සොයන
අපූරු නවාතැන
Facebook...
කොහෙන් නවතියි ද?
කොතනින් නවතියි ද?
මේ අපූරු Facebook....
අම්මා
දුක් දොම්නස් කම්කටොලු
විද දරා ගනිමින්...
කල කැපකිරීම්
අපමණය ඔබ
ජීවිතය තුළ...
පුදන්නෙමි මතු දිනෙක
මා හට හිමි රජ කිරුළ
ඔබ හිස මත
ආදරයෙන්....
ඔබයි පතන එකම පැතුම
මගෙ ආදර අම්මේ..
විද දරා ගනිමින්...
කල කැපකිරීම්
අපමණය ඔබ
ජීවිතය තුළ...
පුදන්නෙමි මතු දිනෙක
මා හට හිමි රජ කිරුළ
ඔබ හිස මත
ආදරයෙන්....
ඔබයි පතන එකම පැතුම
මගෙ ආදර අම්මේ..
Tuesday
අං කෙලියේ උපත(කෙටි කතාව )
පත්තිනි දේවිය හා පාළග කුමාරයා මුල් වීමෙන් සොලී රටේ හින්දුන් අතර අං කෙලි ක්‍රීඩාවේ උපත සිදු වූ බවත් ගජබා රජු විසින් ලංකාවට ගෙනෙන ලද දොලොස් දහසක් පමණ වූ සොළීන් සමග එය ලංකාවට සංක්‍රමණය වී ව්‍යාප්ත වූ බවත් පානම්පත්තුවේ ජනප්‍රවාදයෙන් හෙළි වේ.
සොළී රටේ සෙට්ටියන් පිරිසක් ගගක දිය නාමින් සිටින විට එහි මලක් මත රන් පෙට්ටික් පාවී එන අයුරු දැක්කේය.ඔවුන් එම පෙට්ටිය ගෙන විවර කර බැලීමේදී ඒ තුළ ළදරු වියේ පසු වන කුමාරිකාවක් වූවාය.ඇය දෙමාපියන් දාව උපන්නියක් නොව අඹ ගෙඩියකින් උපන්නියෙකි.ඕ පත්තිනි නම් වූවාය.
පත්තිනි දේවිය හදා වඩා ගැනීම සදහා තම බාරයට ගත් ඔවුහු ඇය පාළග කුමාරයාට විවාහ කර දීමට තීරණය කළහ.
පත්තිනි දේවිය පස් අවුරුදු විය පසු කරන විට විවාහ ගිවිස ගැනීමේ උත්සවය පැවැත්විණි.එහිදී පාලග කුමරයා විසින් තාලිකොඩිය ඇගේ ගෙල පළදින ලදී.මෙම උත්සවයට මදුරාපුරයේ සිට පැමිනි නැටුම් කන්ඩායමක් අතර මාධවී නම් නාට්‍යාංගනාවක් ද වූවාය.ඇය නගර ශෝබිනියකි.පාලග කුමාරයා කෙරෙහි මාධවී ගේ සිත බැදුනි.එහෙයින් ඔහු කෙසේ හෝ තමාට අයිති කර ගැනීමට සිතූ ඇය ඉනාවක් කර බුලත් විටක් කෑමට ඔහුට දුන්නාය.එම බුලත් කෑමෙන් පසු ඈ කෙරෙහි වශී වූවාය.ඉන් පසු ඔහු මාධවී පසුපස මධුරා පුරයට ගියේය.ළමා වියේ පසු වන පත්තිනිය පාලග කුමාරයා නොමැතිව තනි වූවාය.ඇය නිසි කල වයස පැමිනි කල දිනක් මෙහෙකාරිය සමග උයන් සිරි නැරඹීමට ගිය විටක මෙහෙකාරිය විසින් මල් දමක් ගොතා පත්තිනියගේ ගෙල පලදින ලදී.එහි හැඩරුව බැලීමට සිත් වූ පත්තිනිය මෙහෙකාරිය ලවා කැඩපතක් ගෙන්වා තම ගෙල රුව නැරඹුවාය.එහිදී ඇගේ ගෙල පැළදි තාලිකොඩිය දැක ඒ පිලිබද තොරතුරු විමසුවාය.
එහිදී තමා හා විවාහ ගිවිස ගෙන සිටින පාලග කුමාරයා ගැනද ඒ හා සියලු තොරතුරු ද පත්තිනිය දැන ගත්තාය.මෙය දැනගත් පත්තිනිය තමන් මල් නෙලන අවස්ථාවේ දී සර්පයෙකු දශ්ඨ කිරීම නිසා මරණාසන්නව පසුවන බැවින් වහා පැමිනෙන ලෙස දන්වමින් මෙහෙකාරිය අත මදුරාපුරයේ වෙසෙන පාලග කුමාරයා හට පණිවිඩයක් යැව්වාය.
මෙම පනිවිඩය පාලග කුමාරයා හට ලැබෙන විට ඔහු මාධවී සමග සල්ලාල ජීවිතයක් ගත කරමින් බොහෝ ණය ගණුදෙනුවලට මැදි වී ණයකරුවෙකු වී සිට්යේය.එහෙත් ලද පණිවිඩයෙන් කම්පා වූ ඔහු පත්තිනිය කරා පැමිණීමට තීරණය කලේය.
පසුව ඔහු මදුරාපුරයේ වූ ණය පියවා දැමීමට පත්තිනියගේ පා සළඹ ක් රැගෙන නැවත මදුරාපුරයට පිටත් වූයේය.ඔහු එසේ පෙරළා යන විට තමන් හට අනතුරක් වන්නේ නම් එය දැනගත හැකි ක්‍රමයක් ද පැවසුවේය.
මදුරාපුරයේ පාඩි රජුගේ බිසවගේ පා සලබක් රන්කරුවෙකු විසින් අතුරුදහන් වී තිබුණි.එම පා සලඹ සොරා ගන්නා ලද්දේ පාලග කුමාරයා යැයි තීරණය කල පාඩි රජු පසුව පාලග කුමාරයාගේ හිස ගසා දැමීය.මෙය කන වැකුණු පත්තිනිය කෝප වී මුලු මදුරාපුරයම විනාශ කර දැමීය.
අතීතයේ එක් දිනක පත්තිනි දේවිය හා පාලග කුමාරයා උයන් කෙලියෙහි යෙදෙන අවස්ථාවක විලක් අසල සපු මලක් දැක්කේය.එම මල නෙළා දෙන ලෙස ඕ පාලග කුමාරයාට කීවාය.එය නෙලීමට ඔහු සපු ගසට නැග උත්සාහ කලද එය නෙලා ගැනීමට නොහැකි විය.පසුව දෙදෙනා ම කහ කෙකි දෙකක් ගෙන සපු මල නෙලීමට උත්සාහ කිරීමේදී කෙකි දෙක පැටලුනේය.එම පැටලීම බේරා ගැනීම සදහා කෙකි දෙක දෙපසට ඇද්දේය.මෙසේ කෙකි දෙක දෙපසට ඇද එය බේරා ගැනීමට බොහෝ උත්සාහ දැරීමේදී එය තරගයක් බවට පත් වීය.අවසානයේ ඔහුගේ කෙක්ක කැඩී ඇය හට ජයග්‍රහණය හිමි වීය.
මදුරාපුරයේ වැසියන් ද මෙම කෙකි හරඹය පිලිබද පුවත දැන සිටියේය.එය සිහිගන්වා පත්තිනිය සතුටු කරවීමට මදුරාපුර වැසියෝ කෙකි හරඹය(අං කෙලිය)පැවැත්වීය.
මෙහිදී රට වැසියන් දෙපිලකට බෙදී පත්තිනි දේවිය නියෝජනය කල පිල යටිපිල ලෙසත් පාලග කුමාරයා නියෝජනය කල පිල උඩුපිල ලෙසත් ගෙන අං කෙලි ක්‍රීඩාව පැවැත්වීය.මෙම අං කෙලි ක්‍රීඩාව පැවැත්වීමෙන් පත්තිනි දේවිය සතුටු වී රටේ රෝග,සතුරු,නියං ආදී බිය පහ වී රටට යහපත උදාවන බව වැසියෝ විශ්වාස කලේය.පසුව මෙම අං කෙලි ක්‍රීඩාව ජනයා අතර ද පැතිර ගියේය.
පානම ගම්මානය ජනාවාස වූ මුල් අවධියේ කුඹුරු වැඩවල යෙදෙන ගොවීන් තම දිවා ආහාරය ගැනීම සදහා විල ඔය ඉවුරේ කුඹුක් ගස් සෙවණ කරා යාමට පුරුදු වී සිටියහ.ගොයම් කැපීමට ගිය ගොවීන් දිවා ආහාරය සදහා ඔය ඉවුරට ගොස් ඔයේ සිසිල් දියෙන් ඇගපත සෝදා ගිමන් හරින්නට විය.මේ අවස්ථාවේ දී එහි සිටි එක් හොවියෙකු තම අලස ගතිය පලවා හැරීම සදහා අසල වූ ගසක අත්තකින් සුළැගිල්ලට මදක් කුඩා අං කෙක්කක් කඩා ගත්තේය.පසුව ඔහු අසල සිටි තවත් සගයෙකුට එය පෙන්වා ඊට සරිලන අං කෙක්කක් ගෙනෙන ලෙසද එම අං කෙකි දෙක පටලවා අං ඇල්ලීමට පැමිනෙන ලෙසද යෝජනා කලේය.පසුව ඔවුන් දෙදෙනා අං කෙකි දෙක පටලවා අං ඇදීම කල අතර එහිදී කැඩී ගිය අං කෙක්ක හිමි ගොවියා හට අනෙක් ගොවීන් හූ කියමින් හුරේ දැමීය.
පසුව අනෙක් ගොවීන්ද දෙපිලකට බෙදී ඊට එක් වී අං කෙලියෙහි නිරත විය.පසුව ඔවුන් අං කෙලිය උත්සවාකාරයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කලේය.
අං කෙළිය පැවැත්වීම සදහා සුදුසු පිටියක් තෝරා ගැනීම ඔවුන්ගේ මූලික
ගැටලුව විය.ගැමියන්ගේ කිල්ලෙන් මෙම අං පිටිය ආරක්ශා වීම,අං කෙලිය පැවැත්වීම සදහා ඉඩ කඩ සහිත වීම,එහි වත් පිලිවෙත් හා ක්‍රීඩාවේ අංගයන්ට බාධා නොවීම,අං කෙලියේ යෙදෙන්නන් හට රිසි සේ කටයුතු කිරීමට හැකි වීම,කුඹුරු යාය හා පිටිය අතර නිතර පවතින සම්බන්ධය ආදී කරුණු පිලිබද ඔවුන් සැලකිල්ලට භාජනය කලේය.ඒ අනුව ගම්මානයෙන් තරමක් ඈත වූද ස්ථානයක් මේ සදහා තෝරා ගත්තේය.අං කෙලිය සදහා තෝරා ගත් මෙම පිටිය අම්පිටිය ලෙස නම් තැබීය.අම්පිටියේ දෙපිලකට වෙන් වූ බූමි බාගය තුල දැවැන්ත සියඹලා ගස බැගින්ද විය.අං කෙලිය අවසානයේ තම පිලේ අං සගවා තැබීම සදහා ද සියඹලා ගස උපකාරී කර ගත්තේය.
තම අං සගවා තබන සියඹලා ගසෙහි තම පිලට අදිපති දෙවියන් වැඩ වෙසෙන බවට ඔවුහු විශ්වාස කලේය.මේ අනුව උඩුපිල දේවාලයෙහි සියඹලා ගසෙහි අලුත් දෙවියන් ද යටිපිල දේවාලයෙහි පත්තිනි දෙවියන් වැඩ වසන බව ද ඔවුන් විශ්වාස කලේය.
කල් යත්ම තම පිලේ දෙවියන් උදෙසා කුඩා පැල්පතක් සාදා දේවාලයක් ඉදි කල යුතු බවට ඔවුන් තීරණය කලේය.ඒ අනුව පිදුරු සෙවෙලි කල පැල්පත් දෙකක් දෙපිලේ දේවාල බවට පත් විය.
එදා එසේ උපත ලද දකුණේ අම්පිටිය අද උලු සෙවෙලි කල වහලයන්ගෙන් යුත් දේවාලය,මුලුතැන්ගෙය,විශ්‍රාම ශාලාව ආදී ගොඩනැගිලි රැසක් ඊට උරුම කර ගනිමින් සංවර්ධනය විය.
අං කෙලිය ආරම්බක දිනය අදිකාරී තනතුර හොබවන්නා විසින් ගමේ සෑම හන්දියක් පාසාම ගොස් පනිවිඩය ලබා දුන්නේ මෙසේය.
"...දා අං කෙලිය පටන් ගන්න අං අල් ගහේ දානව.එතකුට ගමේ ඉන්න මාසෙ මාරුවෙන ඇත්තෝ,වදන්ඩ ඉන්න ඇත්ත,කිළිවෙලා ඉන්ඩ ඇත්තෝ ඔක්කොම ගමේ හතර මායිමෙන් පිට වෙයල්ලා...ගමේ ඔක්කොම එදා ඉදල අං කෙලිය ඉවර වෙන තුරු මස්,මාලු,කරවල,උම්බලකඩ,හාල්මැස්සො වගේ ඔක්කොම පිලිහුඩු ජාති ගමේ හතර මායිමෙන් පිට කොරපල්ලා..කවුරු හරි ගමේ කිල්ලක් ඇති කොරොත් ගමේ වලංගුවෙන් අච්චු කොරන බව දැන ගනිල්ලා.."
අං අදින අවස්ථාවේ දී ඔවුන් "ඇදපෝ.. ඇදපෝ...දිනය් උඩුපිලයෝ..නටයි උඩුපිලයෝ.."කියමින් උඩුපිල උස් හඩ්න් තාලයකට කියයි.ඉන් පසු යටිපිල ද එසේ කියමන් අං ඇද්දේය.
ජයග්‍රාහී පිල නැටීමේ දී නිර්වස්ත්‍රව තම සෙලුව ප්‍රදර්ශනය කරමින් හූ කියමින් හා අසභ්‍ය වචන කියමින් නැටුවේය.පරාජිත පිලේ ප්‍රබල චරිත හාස්‍යට ලක් කරමින් බැන වැදුනේය.මේ සදහා ඔවුන් පඹයන් ද,බලි රූප ද යොදා ගත්තේය .
ඉන් පසු දිය කැපීමෙන් සත් දිනක් නික්ම යන තෙක් අම්පිටියේ දෙපිලේ දේවාලයේ දොර විවර කිරීමක් සිදු නොකරේය .දින හතකට පසු අම්පිටියට රැස්වන ගැමියෝ එහි කිරි උතුරා දේව දානය දුන්නේය.කපුවෝ එවිට දේවාලයේ දොර විවර කලේය.දේවාලයේ දොර අරින දිනයේදී අං කෙලිය උත්සවයේ සියලු කටයුතු නිමා කලේය.

ගොවියෝ අං කෙලිය සදහා ශුශ්ක ශාක ප්‍රජාවට අයත් කටු අන්දර ශාකවලින් බහුලව අං පිලියෙල ගත්තේය.අං හෑරීම සදහා දෙපිලේ පිරිස් එකිනෙක පිලට හොර රහසේ වෙන් වෙන්ව කැලෑ වැදුනනේය .යල් කන්නයේ කුඹුරු අස්වැන්න නෙලා අවසන් වන විට අං කෙලිය සදහා දින තීරණය කිරීමට ගැමියෝ කටයුතු සූදානම් කලේය.
අං කෙලිය ආරම්බක දිනය අදිකාරී තනතුර හොබවන්නා විසින් ගමේ සෑම හන්දියක් පාසාම ගොස් පනිවිඩය ලබා දුන්නේ මෙසේය.
"...දා අං කෙලිය පටන් ගන්න අං අල් ගහේ දානව.එතකුට ගමේ ඉන්න මාසෙ මාරුවෙන ඇත්තෝ,වදන්ඩ ඉන්න ඇත්ත,කිළිවෙලා ඉන්ඩ ඇත්තෝ ඔක්කොම ගමේ හතර මායිමෙන් පිට වෙයල්ලා...ගමේ ඔක්කොම එදා ඉදල අං කෙලිය ඉවර වෙන තුරු මස්,මාලු,කරවල,උම්බලකඩ,හාල්මැස්සො වගේ ඔක්කොම පිලිහුඩු ජාති ගමේ හතර මායිමෙන් පිට කොරපල්ලා..කවුරු හරි ගමේ කිල්ලක් ඇති කොරොත් ගමේ වලංගුවෙන් අච්චු කොරන බව දැන ගනිල්ලා.."
අං අදින අවස්ථාවේ දී ඔවුන් "ඇදපෝ.. ඇදපෝ...දිනය් උඩුපිලයෝ..නටයි උඩුපිලයෝ.."කියමින් උඩුපිල උස් හඩ්න් තාලයකට කියයි.ඉන් පසු යටිපිල ද එසේ කියමන් අං ඇද්දේය.
ජයග්‍රාහී පිල නැටීමේ දී නිර්වස්ත්‍රව තම සෙලුව ප්‍රදර්ශනය කරමින් හූ කියමින් හා අසභ්‍ය වචන කියමින් නැටුවේය.පරාජිත පිලේ ප්‍රබල චරිත හාස්‍යට ලක් කරමින් බැන වැදුනේය.මේ සදහා ඔවුන් පඹයන් ද,බලි රූප ද යොදා ගත්තේය .
ඉන් පසු දිය කැපීමෙන් සත් දිනක් නික්ම යන තෙක් අම්පිටියේ දෙපිලේ දේවාලයේ දොර විවර කිරීමක් සිදු නොකරේය .දින හතකට පසු අම්පිටියට රැස්වන ගැමියෝ එහි කිරි උතුරා දේව දානය දුන්නේය.කපුවෝ එවිට දේවාලයේ දොර විවර කලේය.දේවාලයේ දොර අරින දිනයේදී අං කෙලිය උත්සවයේ සියලු කටයුතු නිමා කලේය.
Saturday
නුඹේ සෙනෙහස මගේ ජීවිතයය්...
ඔබට පුදුම ඇති - මේ සෙනෙහස ගැන
හිතාගන්නවත් බැරුව ඇති
හුස්මෙන් හුස්මට ඔබට මතක් වෙන
ආදරයේ මල් සුවද ඇති....
ඔබ දුටුදා සිට
ඔබටම ළං වුන
ඔබටම වෙන් වුන ආදරයයි
උදේ දවල් රෑ හැම තත්පරයෙම
ඔබේ මතකෙ මගෙ ජීවිතයය්....
ඔබ දොඩමලු වන
වදනක් ගානේ
හිත සනසන මුදු ආදරයයි
සංසාරේ හුරු කවිය වගෙයි
ඔබෙ සෙනෙහෙ මගෙ ජීවිතයය්....
හිතාගන්නවත් බැරුව ඇති
හුස්මෙන් හුස්මට ඔබට මතක් වෙන
ආදරයේ මල් සුවද ඇති....
ඔබ දුටුදා සිට
ඔබටම ළං වුන
ඔබටම වෙන් වුන ආදරයයි
උදේ දවල් රෑ හැම තත්පරයෙම
ඔබේ මතකෙ මගෙ ජීවිතයය්....
ඔබ දොඩමලු වන
වදනක් ගානේ
හිත සනසන මුදු ආදරයයි
සංසාරේ හුරු කවිය වගෙයි
ඔබෙ සෙනෙහෙ මගෙ ජීවිතයය්....
Subscribe to:
Posts (Atom)
ජනශ්‍රැතිය තුළින් මතු වන අපේකම
ජනශ්‍රැතිය තරම් මානවයාගේ හර්ද ස්පන්දනට සමීප වූ වෙනත් මාධ්‍යක් නොමැති තරම්ය .මිනිසාගේ සන්නිවේදන ශක...
-
පුංචි ළමයි මල් වගේ යැයි කියමනක් පවතී.ළමයින් කුඩා කාලයේදී බොහෝ දෑ ඉගෙන ගනී.ඔවුන් පරිසරයෙන් උකහාගන්නා දෑ ඇසුරු කර ගනිමින් කෙමෙන් කෙමෙන් වැඩෙය...
-
පත්තිනි දේවිය හා පාළග කුමාරයා මුල් වීමෙන් සොලී රටේ හින්දුන් අතර අං කෙලි ක්‍රීඩාවේ උපත සිදු වූ බවත් ගජබා රජු විසින් ලංකාවට ගෙනෙන ලද ද...