Tuesday

අං කෙලියේ උපත(කෙටි කතාව )

      පත්තිනි  දේවිය හා පාළග කුමාරයා මුල් වීමෙන් සොලී රටේ හින්දුන් අතර අං කෙලි ක්‍රීඩාවේ උපත සිදු වූ බවත් ගජබා රජු විසින් ලංකාවට ගෙනෙන ලද  දොලොස් දහසක් පමණ වූ සොළීන් සමග එය ලංකාවට සංක්‍රමණය වී ව්‍යාප්ත වූ බවත් පානම්පත්තුවේ ජනප්‍රවාදයෙන් හෙළි වේ.
          සොළී රටේ සෙට්ටියන් පිරිසක් ගගක දිය නාමින් සිටින විට එහි මලක් මත රන් පෙට්ටික් පාවී එන අයුරු දැක්කේය.ඔවුන් එම පෙට්ටිය ගෙන විවර කර බැලීමේදී ඒ තුළ ළදරු වියේ පසු වන කුමාරිකාවක් වූවාය.ඇය දෙමාපියන් දාව උපන්නියක් නොව අඹ ගෙඩියකින් උපන්නියෙකි.ඕ පත්තිනි නම් වූවාය.
      පත්තිනි දේවිය හදා වඩා ගැනීම සදහා තම බාරයට ගත් ඔවුහු ඇය පාළග කුමාරයාට විවාහ කර  දීමට තීරණය කළහ.
   පත්තිනි දේවිය පස් අවුරුදු විය පසු කරන විට විවාහ ගිවිස ගැනීමේ උත්සවය පැවැත්විණි.එහිදී පාලග කුමරයා විසින් තාලිකොඩිය ඇගේ ගෙල පළදින ලදී.මෙම උත්සවයට මදුරාපුරයේ සිට පැමිනි නැටුම් කන්ඩායමක් අතර මාධවී නම් නාට්‍යාංගනාවක් ද වූවාය.ඇය නගර ශෝබිනියකි.පාලග කුමාරයා කෙරෙහි මාධවී ගේ සිත බැදුනි.එහෙයින් ඔහු කෙසේ හෝ තමාට අයිති කර ගැනීමට සිතූ ඇය ඉනාවක් කර බුලත් විටක් කෑමට ඔහුට දුන්නාය.එම බුලත් කෑමෙන් පසු ඈ කෙරෙහි වශී වූවාය.ඉන් පසු ඔහු මාධවී පසුපස මධුරා පුරයට ගියේය.ළමා වියේ පසු වන පත්තිනිය පාලග කුමාරයා නොමැතිව තනි වූවාය.ඇය නිසි කල වයස පැමිනි කල දිනක් මෙහෙකාරිය සමග උයන් සිරි නැරඹීමට ගිය විටක මෙහෙකාරිය විසින් මල් දමක් ගොතා පත්තිනියගේ ගෙල පලදින ලදී.එහි හැඩරුව බැලීමට සිත් වූ පත්තිනිය මෙහෙකාරිය ලවා කැඩපතක් ගෙන්වා තම ගෙල රුව නැරඹුවාය.එහිදී ඇගේ ගෙල පැළදි තාලිකොඩිය දැක ඒ පිලිබද තොරතුරු විමසුවාය.
     එහිදී තමා හා විවාහ ගිවිස ගෙන සිටින පාලග කුමාරයා ගැනද ඒ හා සියලු තොරතුරු ද පත්තිනිය දැන ගත්තාය.මෙය දැනගත් පත්තිනිය තමන් මල් නෙලන අවස්ථාවේ දී සර්පයෙකු දශ්ඨ කිරීම නිසා මරණාසන්නව පසුවන බැවින් වහා පැමිනෙන ලෙස දන්වමින් මෙහෙකාරිය අත මදුරාපුරයේ වෙසෙන පාලග කුමාරයා හට පණිවිඩයක් යැව්වාය.
    මෙම පනිවිඩය පාලග කුමාරයා හට ලැබෙන විට ඔහු මාධවී සමග සල්ලාල ජීවිතයක් ගත කරමින් බොහෝ ණය ගණුදෙනුවලට මැදි වී ණයකරුවෙකු වී සිට්යේය.එහෙත් ලද පණිවිඩයෙන් කම්පා වූ ඔහු පත්තිනිය කරා පැමිණීමට තීරණය කලේය.
         පසුව ඔහු මදුරාපුරයේ වූ ණය පියවා දැමීමට පත්තිනියගේ පා සළඹ  ක් රැගෙන නැවත මදුරාපුරයට පිටත් වූයේය.ඔහු එසේ පෙරළා යන විට තමන් හට අනතුරක් වන්නේ නම් එය දැනගත හැකි ක්‍රමයක් ද පැවසුවේය.
               මදුරාපුරයේ පාඩි රජුගේ බිසවගේ පා සලබක් රන්කරුවෙකු විසින් අතුරුදහන් වී තිබුණි.එම පා සලඹ සොරා ගන්නා ලද්දේ පාලග කුමාරයා යැයි තීරණය කල පාඩි රජු පසුව පාලග කුමාරයාගේ හිස ගසා දැමීය.මෙය කන වැකුණු පත්තිනිය කෝප වී මුලු මදුරාපුරයම විනාශ කර දැමීය.
          අතීතයේ එක් දිනක පත්තිනි දේවිය හා පාලග කුමාරයා උයන් කෙලියෙහි යෙදෙන අවස්ථාවක විලක් අසල සපු මලක් දැක්කේය.එම මල නෙළා දෙන ලෙස ඕ පාලග කුමාරයාට කීවාය.එය නෙලීමට ඔහු සපු ගසට නැග උත්සාහ කලද එය නෙලා ගැනීමට නොහැකි විය.පසුව දෙදෙනා ම කහ කෙකි දෙකක් ගෙන සපු මල නෙලීමට උත්සාහ කිරීමේදී කෙකි දෙක පැටලුනේය.එම පැටලීම බේරා ගැනීම සදහා කෙකි දෙක දෙපසට ඇද්දේය.මෙසේ කෙකි දෙක දෙපසට ඇද එය බේරා ගැනීමට බොහෝ උත්සාහ දැරීමේදී එය තරගයක් බවට පත් වීය.අවසානයේ ඔහුගේ කෙක්ක කැඩී ඇය හට ජයග්‍රහණය හිමි වීය. 
        මදුරාපුරයේ වැසියන් ද මෙම කෙකි හරඹය පිලිබද පුවත දැන සිටියේය.එය සිහිගන්වා පත්තිනිය සතුටු කරවීමට මදුරාපුර වැසියෝ කෙකි හරඹය(අං කෙලිය)පැවැත්වීය.
        මෙහිදී රට වැසියන් දෙපිලකට බෙදී පත්තිනි දේවිය නියෝජනය කල පිල යටිපිල ලෙසත් පාලග කුමාරයා නියෝජනය කල පිල උඩුපිල ලෙසත් ගෙන අං කෙලි ක්‍රීඩාව පැවැත්වීය.මෙම අං කෙලි ක්‍රීඩාව පැවැත්වීමෙන් පත්තිනි දේවිය සතුටු වී රටේ රෝග,සතුරු,නියං ආදී බිය පහ වී රටට යහපත උදාවන බව වැසියෝ විශ්වාස කලේය.පසුව මෙම අං කෙලි ක්‍රීඩාව ජනයා අතර ද පැතිර ගියේය.
            පානම ගම්මානය ජනාවාස වූ මුල් අවධියේ කුඹුරු වැඩවල යෙදෙන ගොවීන් තම දිවා ආහාරය ගැනීම සදහා විල ඔය ඉවුරේ කුඹුක් ගස් සෙවණ කරා යාමට පුරුදු වී සිටියහ.ගොයම් කැපීමට ගිය ගොවීන් දිවා ආහාරය සදහා ඔය ඉවුරට ගොස් ඔයේ සිසිල් දියෙන් ඇගපත සෝදා ගිමන් හරින්නට විය.මේ අවස්ථාවේ දී එහි සිටි එක් හොවියෙකු තම අලස ගතිය පලවා හැරීම සදහා අසල වූ ගසක අත්තකින් සුළැගිල්ලට මදක් කුඩා අං කෙක්කක් කඩා ගත්තේය.පසුව ඔහු අසල සිටි තවත් සගයෙකුට එය පෙන්වා ඊට සරිලන අං කෙක්කක් ගෙනෙන ලෙසද එම අං කෙකි දෙක පටලවා අං ඇල්ලීමට පැමිනෙන ලෙසද යෝජනා කලේය.පසුව ඔවුන් දෙදෙනා අං කෙකි දෙක පටලවා අං ඇදීම කල අතර එහිදී කැඩී ගිය අං කෙක්ක හිමි ගොවියා හට අනෙක් ගොවීන් හූ කියමින් හුරේ දැමීය.
   පසුව අනෙක් ගොවීන්ද දෙපිලකට බෙදී ඊට එක් වී අං කෙලියෙහි නිරත විය.පසුව ඔවුන් අං කෙලිය උත්සවාකාරයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කලේය.
     අං කෙළිය පැවැත්වීම සදහා සුදුසු පිටියක් තෝරා ගැනීම ඔවුන්ගේ මූලික
ගැටලුව විය.ගැමියන්ගේ කිල්ලෙන් මෙම අං පිටිය ආරක්ශා වීම,අං කෙලිය පැවැත්වීම සදහා ඉඩ කඩ සහිත වීම,එහි වත් පිලිවෙත් හා ක්‍රීඩාවේ අංගයන්ට බාධා නොවීම,අං කෙලියේ යෙදෙන්නන් හට රිසි සේ කටයුතු කිරීමට හැකි වීම,කුඹුරු යාය හා පිටිය අතර නිතර පවතින සම්බන්ධය ආදී කරුණු පිලිබද ඔවුන් සැලකිල්ලට භාජනය කලේය.ඒ අනුව ගම්මානයෙන් තරමක් ඈත වූද ස්ථානයක් මේ සදහා තෝරා ගත්තේය.අං කෙලිය සදහා තෝරා ගත් මෙම පිටිය අම්පිටිය ලෙස නම් තැබීය.අම්පිටියේ දෙපිලකට වෙන් වූ බූමි බාගය තුල දැවැන්ත සියඹලා ගස බැගින්ද විය.අං කෙලිය අවසානයේ තම පිලේ අං සගවා තැබීම සදහා ද සියඹලා ගස උපකාරී කර ගත්තේය.
      තම අං සගවා තබන සියඹලා ගසෙහි තම පිලට අදිපති දෙවියන් වැඩ වෙසෙන බවට ඔවුහු විශ්වාස කලේය.මේ අනුව උඩුපිල දේවාලයෙහි සියඹලා ගසෙහි අලුත් දෙවියන් ද යටිපිල දේවාලයෙහි පත්තිනි දෙවියන්  වැඩ වසන බව ද ඔවුන් විශ්වාස කලේය.
     කල් යත්ම තම පිලේ දෙවියන් උදෙසා කුඩා පැල්පතක් සාදා දේවාලයක් ඉදි කල යුතු බවට ඔවුන් තීරණය කලේය.ඒ අනුව පිදුරු සෙවෙලි කල පැල්පත් දෙකක් දෙපිලේ දේවාල බවට පත් විය.
    එදා එසේ උපත ලද දකුණේ අම්පිටිය අද උලු සෙවෙලි කල වහලයන්ගෙන් යුත් දේවාලය,මුලුතැන්ගෙය,විශ්‍රාම ශාලාව ආදී ගොඩනැගිලි රැසක් ඊට උරුම කර ගනිමින් සංවර්ධනය විය.
      ගොවියෝ අං කෙලිය සදහා ශුශ්ක ශාක ප්‍රජාවට අයත් කටු අන්දර ශාකවලින් බහුලව අං පිලියෙල ගත්තේය.අං හෑරීම සදහා දෙපිලේ පිරිස් එකිනෙක පිලට හොර රහසේ වෙන් වෙන්ව කැලෑ වැදුනනේය . 
   යල් කන්නයේ කුඹුරු අස්වැන්න නෙලා අවසන් වන විට අං කෙලිය සදහා දින තීරණය කිරීමට ගැමියෝ කටයුතු සූදානම් කලේය.
   අං කෙලිය ආරම්බක දිනය අදිකාරී තනතුර හොබවන්නා විසින් ගමේ සෑම හන්දියක් පාසාම ගොස් පනිවිඩය ලබා දුන්නේ මෙසේය.
  "...දා අං කෙලිය පටන් ගන්න අං අල් ගහේ දානව.එතකුට ගමේ ඉන්න මාසෙ මාරුවෙන ඇත්තෝ,වදන්ඩ ඉන්න ඇත්ත,කිළිවෙලා ඉන්ඩ ඇත්තෝ ඔක්කොම ගමේ හතර මායිමෙන් පිට වෙයල්ලා...ගමේ ඔක්කොම එදා ඉදල අං කෙලිය ඉවර වෙන තුරු මස්,මාලු,කරවල,උම්බලකඩ,හාල්මැස්සො වගේ ඔක්කොම පිලිහුඩු ජාති ගමේ හතර මායිමෙන් පිට කොරපල්ලා..කවුරු හරි ගමේ කිල්ලක් ඇති කොරොත් ගමේ වලංගුවෙන් අච්චු කොරන බව  දැන ගනිල්ලා.."
   අං අදින අවස්ථාවේ දී ඔවුන් "ඇදපෝ.. ඇදපෝ...දිනය් උඩුපිලයෝ..නටයි උඩුපිලයෝ.."කියමින් උඩුපිල උස් හඩ්න් තාලයකට කියයි.ඉන් පසු යටිපිල ද එසේ කියමන් අං ඇද්දේය.
   ජයග්‍රාහී පිල නැටීමේ දී නිර්වස්ත්‍රව තම සෙලුව ප්‍රදර්ශනය කරමින් හූ කියමින් හා අසභ්‍ය වචන කියමින් නැටුවේය.පරාජිත  පිලේ ප්‍රබල චරිත හාස්‍යට ලක් කරමින් බැන වැදුනේය.මේ සදහා ඔවුන් පඹයන් ද,බලි රූප ද යොදා ගත්තේය . 
   ඉන් පසු දිය කැපීමෙන් සත් දිනක් නික්ම යන තෙක් අම්පිටියේ දෙපිලේ දේවාලයේ දොර විවර කිරීමක් සිදු නොකරේය .දින හතකට පසු අම්පිටියට රැස්වන ගැමියෝ එහි කිරි උතුරා දේව දානය දුන්නේය.කපුවෝ එවිට දේවාලයේ දොර විවර කලේය.දේවාලයේ දොර අරින දිනයේදී අං කෙලිය උත්සවයේ සියලු කටයුතු නිමා කලේය.

15 comments:

ජනශ්‍රැතිය තුළින් මතු වන අපේකම

                                         ජනශ්‍රැතිය තරම්  මානවයාගේ හර්ද  ස්පන්දනට සමීප වූ වෙනත් මාධ්‍යක් නොමැති තරම්ය .මිනිසාගේ සන්නිවේදන ශක...